Science 𝐇𝐔𝐁 ❤️ Telegram channel photo

Science 𝐇𝐔𝐁 ❤️

@biologyessaysPublic Channel

•A/L ගැන, •Medicine ගැන, •Medical student Life එක ගැනත් දැනගන්න ගමන්ම, සමාජ හා දේශපාලන සාක්ශරතාවයත් ලබාගන්න දැන්ම එකතුවෙන්න ✅Science HUB https://t.me/BiologyEssays

1.1k

Last views

8.7k (8,698 subscribers)
உறுப்பினர்
—
Rating
69
Total Posts
Oct 22, 2026, 7:57 AM
புதுப்பிக்கப்பட்டது
Apr 6, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameScience 𝐇𝐔𝐁 ❤️
Username@biologyessays
Categoryமருத்துவம் (Medical)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்8,698
Channel TypePublic Channel
Created6 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • நேற்று முன்தினம்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#336665+19497
மொழி தரவரிசை
#804+113
வகை தரவரிசை
#8646+357

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 8.7K30 Days growth: -1511.7%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20268,849
24:09:20268,849
25:09:20268,849
26:09:20268,849
27:09:20268,849
28:09:20268,849
29:09:20268,849
30:09:20268,849
01:10:20268,849
02:10:20268,849
03:10:20268,849
04:10:20268,849
05:10:20268,849
06:10:20268,849
07:10:20268,849
08:10:20268,849
09:10:20268,849
10:10:20268,849
11:10:20268,849
12:10:20268,849
13:10:20268,849
14:10:20268,728
15:10:20268,728
16:10:20268,728
17:10:20268,728
18:10:20268,728
19:10:20268,728
20:10:20268,728
21:10:20268,728
22:10:20268,698
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20269,322
Week of 06:04:20269,302
Week of 13:04:20269,302
Week of 20:04:20269,302
Week of 27:04:20269,282
Week of 04:05:20269,282
Week of 11:05:20269,258
Week of 18:05:20269,258
Week of 25:05:20269,258
Week of 01:06:20269,252
Week of 08:06:20269,252
Week of 15:06:20269,252
Week of 22:06:20269,252
Week of 29:06:20269,242
Week of 06:07:20269,242
Week of 13:07:20269,242
Week of 20:07:20269,212
Week of 27:07:20269,212
Week of 03:08:20269,207
Week of 10:08:20269,207
Week of 17:08:20269,162
Week of 24:08:20269,006
Week of 31:08:20269,006
Week of 07:09:20268,908
Week of 14:09:20268,849
Week of 21:09:20268,849
Week of 28:09:20268,849
Week of 05:10:20268,849
Week of 12:10:20268,728
Week of 19:10:20268,698
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20269,282
May 20269,258
June 20269,242
July 20269,212
August 20269,006
September 20268,849
October 20268,698
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20268,698

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1අල්ලපු එකාට කරදර කරන්න එපා, 😑නිදාගන්න එපා කියලා නෑ නේ. හොඳට නිදාගන්න 4.6K
  2. #2මේ පාර physics MCQ paper එක 2020 න් පස්සෙ ආව අමාරුම paper එක. ඒත් මේකේ4.5K
  3. #3ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය: දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ සාධාරණත්4.3K
  4. #4පොඩි එකෙක්ගේ ලොකුවට ඇද වුන කොන්දක් ලස්සන කරන්නට හැකි මේ රටේ අත් වල ඇඟි4.1K
  5. #5මේ බෙහෙත් ටික බලාගෙන පහලට එන්න..4.0K
  6. #6😌4.0K
  7. #7Post #73913.9K
  8. #8ලෙඩක් ආවම ගොඩක් අය හිතන දේවල් තියෙනවා.3.7K
  9. #9⭐️ 2025/26 ✅3.6K
  10. #10අල්ලපු එකාට කරදර කරන්න එපා, 😑නිදාගන්න එපා කියලා නෑ නේ.3.5K

சமீபத்திய இடுகைகள்

Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

04 அக்., 2026, 11:24

Photo1/2
☑️We Just Passed 🟥🟥🟥🟥
Users on eWings Practicals Site....👑

eWings Practical වෙබ් අඩවියේ Users ලා ප්‍රමාණය 🟥🟥🟥🟥🟥 ඉක්මවයි....

2027/2028 Theory,Revision,Paper Class ඕනම eWings සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.💯🆓

කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.✅

තාමත් Register නොවුන අය ඉක්මනින් Register වෙමු.....
🤔 Practical Site Link
https://iphysicshub.com

Register වීමේ ගැටලු තියෙන සිසුන් මේ Video එක නරඹන්න
🌐https://t.me/DUPracticals/95

සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DUPracticals

මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...

~ Team eWings
1,370005
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

03 அக்., 2026, 00:38

ඊයේ අපේ endoscopy දවස. සාමාන්‍යයෙන් endoscopy පරීක්ෂණ වලට waiting list එකක් තියෙනවා. ඊයේ දවසට තිබුන list එක පිරිලා තිබුනත් අපිට list එකට පිටින් එක endoscopy එකක් කරන්නම වෙනවා.
ඇයි ඒ....?
ආමාශයේ Cancer එකක් කියලා සැක කරන ලෙඩෙක් හිටියා. වයස අවුරුදු හතලිස් ගානක අම්ම කෙනෙක්. සාමාන්‍යයෙන් බඩවැලේ cancer වලින් ලේ වහනය වෙන්න පුලුවන්. මේ ලෙඩාගෙත් හීමොග්ලොබින් අඩුවෙන්න පටන් අරන් තිබුනේ. Endoscopy එක කරලා බලනකොට ආමාශයේ පිළිකාවක් වගේ ගෙඩියක් තියෙනවා. ඒකෙන් හොදටම bleed වෙනවා.

උදේ හීමොග්ලොබින් 7ක් තිබුනට හවස් වෙනකොට 5 ක් වෙනකල් අඩු වෙලා.

ගයාන් අපි හෙට මේක කරමු. හෙට මේක කරන්න බැරි උනොත් ලබන සතිය වෙනකල් ලෙඩා ඉදී කියලා sure කරන්න බෑ. ඒ අපේ සර් ( Buddhika Daminda Bandara Adikari )

අද අපේ operation දවස. සතියකට Operation theatre එක අපිට හම්බවෙන්නේ එක දවසයි. Operation වලට ඉන්න ලෙඩ්ඩු 4 දෙනෙක් දැනට admit වෙලා ඉන්නවා. එක cancer ලෙඩෙකුත් එක්ක (ඒක පැය 6 කට වඩා යන operation එකක්). අර අම්මගේ Operation එක කරන්න නම් පිළිකා නොවන ලෙඩ්ඩු දෙන්නෙක් වත් ගෙදර යවන්න වෙනවා. විතරක් නෙවෙයි 5.00 වෙනකොට ඉවර කරන්න තියෙන operation theatre එක 8.00 වෙනකල් වත් කරන්න වෙනවා.

Operation එක කරන්න හීමොග්ලොබින් 10 ට වඩා තියාගන්න පුලුවන් නම් හොදයි. ඒත් තියෙන්නේ 5 යි ගානක්. රෑ එලිවෙනකල් මම blood දීලා හීමොග්ලොබින් වැඩි කරගන්න try කරනවා. Blood pint 3 ක් දෙනවා.

අද උදේ ඉදන් අපි වැඩේ පටන් ගන්නවා. GI Surgery team එකේ අපි Operation එක කරනවා.

අද අපි බැනුම් අහන දවසක්. අද දවසේ private channeling ඔක්කොම cancel කරලා තමා operation එක පටන් ගත්තේ. දැන් channel දාපු ලෙඩ්ඩු බනිනවා ඇති.

Endoscopy එක කරලා ඉවර උනාට පස්සේ තමයි අපේ සර් Operation එක කරන්න ඕනේ කියලා තීරණය කරන්නේ. Operation එක කරන්න කලින් ලෙඩාට සහ ලෙඩාගේ පවුලේ අයට ලෙඩේ ගැන, ප්‍රතිකර්ම ගැන, Operation එකේ වාසි අවාසි ගැන පැහැදිලි කරන්න ඕනේ.

ලෙඩාගේ අක්කා අපිත් එක්ක කතා කරනවා.
"අපි ......... මිනිස්සු. (අනුරාධපුර නගරයෙන් කිලෝමීටර හැට හැත්තෑවකට එහා ගමක නමක් ) අපි ගොවිතැන් තමයි කරන්නේ. බුදු බව අත්වෙයි මහත්තයෝ අපේ නංගිව හොද කරලා දෙන්න. නංගිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලට එකම රැකවරණේ මේ නංගි. පොඩි පුතාට වයස දොලහයි. දැන් නංගි මාසයක් විතර ඉස්පිරිතාලේ. ඊයේ පෙරේදා දවසක පොඩි පුතා ඉස්කෝලෙ යනකොට දුන්න සල්ලි එකතු කරගෙන තනියම bus එකේ අම්මව බලන්න ඇවිත්. මීට කලින් කවදාවත් අනුරාධපුරේට ඇවිත් නෑ."

තව මොනවද කතා වගයක් අපි ඉස්සරහ කිව්වා. මට මැවිලා පෙනුනේ අවුරුදු 12 ක පොඩි එකෙක් තනියම අම්මව බලන්න එනවා. මගේ ලොකූටත් වයස 12 යි.

නිදහස් සෞඛ්‍ය තවදුරටත් තියෙන්න ඕනේ මේ වගේ මිනිසුන් වෙනුවෙන්.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර

Copied
1,67000106
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

24 செப்., 2026, 19:50

Photo1/2
ඔය දකුණු පැත්තෙන් තියෙන්නේ AL 12 වසර resource book එක. වම් පැත්තෙන් තියෙන්නේ Medicine වල අන්තිම අවුරුද්දේ පාවිච්චි කරන එක subject එකක එක පොතක්. ලොකු වැඩි නිසා මම කෑලි වලට කඩලා පාවිච්චි කරන්නේ

ඔහොම subjects 5ක් තියෙනවා. එක subject එකකට අඩුම තරමේ ඔහොම පොත් 3ක් 4ක් වත් තියෙනවා

මරු නේත 😄😁
1,9600093
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

21 செப்., 2026, 19:22

Photo1/2
"මම බලන් හිටියෙ අල්ල ගනීද කියල..."🙂😇

So today at the ETU,
I got a 55 yr old uncle who complained of a central chest pain since morning…

After taking a brief history of his symptoms…🙂‍↔️

Me- වෙන මුකුත් අසනීප කලින් ඉදන් තිබිල
තියෙනවද...

Uncle- නෑ නෑ මුකුත් නෑ.. මම අහවල් ඉස්පිරිතාලෙ වැඩ කරන්නෙ

Me- හරි...පපුවෙ ප්‍රශ්න මුකුත් තිබිල තියෙනවද

Uncle- නෑ. මගෙ පුතා physiotherapist කෙනෙක්

Me- හරි.. Ecg අරන් බලමු

And I auscultated a pansystolic murmur, possibly a MVP
I told my senior that I could hear a murmur at mitral area.

When the senior asked him if he had any cardiac pathology, this uncle leisurely told
“ඔව්.. පොඩි case එකක් තියෙනව... මම බලන් හිටියෙ මෙයා අල්ල ගනීද කියල...”🙈

So I had to ask what he was doing in that hospital… and he said "මම එහෙ electrician"🙂‍↕️

It has become a rising trend among patients to test their doctors’ knowledge… which will mostly put their own lives in jeopardy 🙃

Copied
3,2000074
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

08 செப்., 2026, 13:02

ලෙඩක් ආවම ගොඩක් අය හිතන දේවල් තියෙනවා.

හැබැයි හැම වෙලාවෙම ඒවා හරි නෑ. 😅

1️⃣ උණ හැදුණම FBC එකක් අරගෙන යන්න ඕනේද?

හැම fever එකකටම FBC අවශ්‍ය නෑ.

Dengue වගේ සැකයක් තියෙනවා නම්, blood test කරන timing එකත් වැදගත්.

බොහෝ වෙලාවට 3 වෙනි දවසේ වගේ FBC එකෙන් වැඩි අදහසක් ගන්න පුළුවන්.

2️⃣ Injury එකක් උණාම X-ray එකක් අනිවාර්යද?

නෑ. හැම injury එකකටම X-ray අවශ්‍ය නෑ.

Doctor situation එක, pain එක, swelling, movement, injury type එක බලලා තමයි X-ray order කරන්නේ.

අනවශ්‍ය ලෙස X-ray exposure වෙන එක හොඳ නෑ.

3️⃣ කලින් දුන්න බෙහෙත් ආයෙත් ගන්නවද?

ඒක හොඳ idea එකක් නෙවෙයි.

කලින් තිබ්බ ලෙඩේ සහ දැන් තියෙන ලෙඩේ එකම වගේ පේන්න පුළුවන් — හැබැයි හේතුව වෙනස් වෙන්න පුළුවන්.

4️⃣ උණට Paracetamol ගන්නවද?

ඔව්, උණට paracetamol ගන්න පුළුවන්.

හැබැයි හරි dose එකට විතරයි.

“උණ වැඩි” කියලා dose වැඩි කරලා ගන්න එපා.

5️⃣ හෙම්බිරිස්සාවට pharmacy එකෙන් antibiotics ගන්නවද?

ඒක වැරදි.

හෙම්බිරිස්සාව බොහෝ වෙලාවට viral infection එකක්.

Antibiotics අවශ්‍යද නැද්ද කියලා doctor කෙනෙක් තීරණය කරන්න ඕනේ.

6️⃣ ලොකු අයට දුන්න බෙහෙත් පොඩි අයට දෙනවද?

එපා.

බෙහෙත් dose එක age, weight, symptoms, allergy history වගේ දේවල් අනුව වෙනස් වෙනවා.

ඒ නිසා හිතුමතේ බෙහෙත් දෙන්න එපා.

Symptoms ChatGPT ට කියලා diagnosis ගන්නවද?

ChatGPT එක general information දෙන්න පුළුවන්.

හැබැයි symptoms විතරක් කියලා හරි diagnosis එකකට එන්න අමාරුයි.

සමහර වෙලාවට simple දෙයක් වගේ පේන එක serious වගේ පේන එක simple වෙන්නත් පුළුවන්.

Dr. Munner

https://www.facebook.com/share/r/1FBppGcJkq/?mibextid=wwXIfr
3,6700020
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

08 செப்., 2026, 13:02

Photo
මේ බෙහෙත් ටික බලාගෙන පහලට එන්න..
අවුරුදු 40-50 පැන්න ගමන් මුලින්ම බෙහෙත් පටන් ගන්නේ කොලෙස්ටරෝල් වලට..
ඊලගට ඕක බිබී ඉන්නකොට ඔන්න ප්‍රෙෂර් එනවා...
පටන් ගන්නවා ඒකටත් බෙහෙත්..
බෙහෙත් එකකට දෙකකට ප්‍රෙෂර් අඩුවෙන්නේ නැති වුනාම තව තව බෙහෙත් එකතු කරනවා..
තව කාලයක් ගියාම ඔන්න සිනී හැදෙනවා..ඕං ඒකටත් බෙහෙත් දෙනවා..ඒකෙත් කාලයත් එක්ක බෙහෙත් එක දෙක එකතු කරගෙන යනවා..
ඔන්න හිටපු ගමන් එනවා හාට් ඇටෑක් එකක්..බොහොම අමාරුවෙන් ගොඩ දාගෙන ගෙදර ඇවිල්ලා බොන්න කියලා තව බෙහෙත් එකතු කරනවා..
ඊට පස්සේ අහුවෙනවා වකුගඩු නරක් වෙලා කියලා..ඒකටත් ඕන්න බෙහෙත් දෙනවා..
ඔහොම ගිහින් ගිහින් එකපාරම අංශභාගයක් ඇවිල්ලා ඇදට වෙනවා..එතකොට හොදටම වයසත් ගිහින්..

හිතලා බලන්න අපේ රටේ ගොඩක් අයගේ හොස්පිටල් එකත් එක්ක බැදුන ජීවිත කතාව මේක..
ක්ලිනික්..
බෙහෙත්...
අමාරු..
ඇඩ්මිට්...
ඔය වචන සෙට් එකත් එක්කම ජිවිතේ ගෙවිලා යනවා..

ආයෙත් මුලටම පටන්ගැන්මට යන්න..
කොලෙස්ටරෝල්
ප්‍රෙෂර්
සීනි
ඔය ලෙඩ තුන තමයි මේ ගොඩක් ලෙඩ රෝග වල මුල..
ඔය ලෙඩ හැදෙන මුල ගැන හිතුවොත්
ගොඩක් දුරට තෙල් | ලුණු | සීනි
ඉතින් අපේ උඩ පරම්පරාවට වුන දේ අපේ පරම්පරාවට වෙන්න දෙන්න එපා..
4,0300068
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

27 ஆக., 2026, 20:22

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය: දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ සාධාරණත්වය පිළිබඳ විමර්ශනයක් 🧠

දිස්ත්‍රික් කෝටා ක්‍රමය මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිස්ත්‍රික්කවලට ලැබී ඇති වාසි පිළිබඳව මත භේදයක් නොමැත. සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් මෙවැ ක්‍රමයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් විරුද්ධ විය නොහැකි වුවද, එවැනි යාන්ත්‍රණයන් සාධාරණ, යථාර්ථවාදී හා කාලානුරූපීව සංශෝධනය විය යුතු බවද අවිවාදිතය. මේ මොහොතේ අප සිටින්නේ එවැනි තීරණාත්මක අවස්ථාවක බව, මෙම ක්‍රමය මඟින් ඇතිවී ඇති ප්‍රතිඵල විමසන විට පැහැදිලි වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් වරෙක පෙන්වා දී ඇති පරිදි, වාර්ෂිකව ශිෂ්‍යයන් දහසක් පමණ වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළත් වන විට, ඒ අතර සිටින අවම ලකුණු ලැබූ ශිෂ්‍යයාට වඩා ඉහළ ලකුණු ලබා තිබියදීත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වන සිසුන් සංඛ්‍යාව දෙදහසකට ආසන්න වේ. එමඟින් දිස්ත්‍රික් කෝටා ක්‍රමය හරහා අප ලබා ගන්නා ප්‍රතිලාභය සඳහා ගෙවනු ලබන සමාජීය "මිල" සාධාරණද යන්න ගැටළුවක් මතු වේ. එමෙන්ම මෙම ක්‍රමයෙන් අපේක්ෂිත මූලික අරමුණු සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වේද යන්නද විමසිය යුතුය. මෙම ක්‍රමයේ මූලික අරමුණ වන්නේ අඩු අධ්‍යාපන පහසුකම් ඇති ප්‍රදේශවල සිසුන්ට අසාධාරණයක් වීම වැළැක්වීමය. නමුත් ප්‍රායෝගිකව, මෙහිදී ප්‍රතිලාභ ලැබෙන ඒකකය ලෙස සැලකෙන්නේ පුද්ගල සිසුවා හෝ ඔහුගේ පාසල නොව, ඔහු අයත් දිස්ත්‍රික්කයයි. එහෙත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක යනු අධ්‍යාපන පහසුකම් මට්ටම මැනීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද ඒකක නොව, පරිපාලන පහසුව සඳහා නිර්මාණය කරන ලද ඒකක බව පැහැදිලිය. ඒ අනුව, දිස්ත්‍රික්කයක් යනු සමාන අධ්‍යාපන පහසුකම් පවතින ඒකකයක් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස, පැලියගොඩ සිට කොළඹ නගරයට ගමන් කිරීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. එහෙත් එය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන බැවින්, කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව වෙනස් කඩ ඉම් ලකුණු ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කොළඹ නගරයේ පහසුකම් භුක්ති විඳින පැලියගොඩ සිසුන්ටත්, අවට ප්‍රදේශ වල සිසුන්ටත් විවිධ ප්‍රවේශ අවස්ථා හිමිවී ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශය සැලකූ විට මෙම අසමතුලිතතාව තවදුරටත් පැහැදිලි වේ. එය කොළඹ නගරයෙන් පැය දෙක හමාරක පමණ දුරකින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක් වුවද, එහි සිසුන්ට තරග කිරීමට සිදුවන්නේ නාගරික ප්‍රමුඛ පාසල්වල සිසුන් සමඟය. එබැවින්, ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වේ.

වෙන්නප්පුව ප්‍රදේශය තවත් විශේෂ උදාහරණයකි. එය නාගරික මට්ටමට ආසන්න ලෙස සංවර්ධිත ප්‍රදේශයක් වුවද, පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වීම හේතුවෙන් "දුෂ්කර දිස්ත්‍රික්" කෝටා ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ඇත. මෙවැනි තත්ත්වයන් දිවයින පුරා විවිධ ආකාරයෙන් දැකිය හැක. ඒ අනුව, අධ්‍යාපන පහසුකම් මට්ටම දිස්ත්‍රික්කය මත පදනම්ව නිර්ණය කිරීම තාර්කික නොවේ. "අධ්‍යාපන පහසුකම්" යන්නෙන් අදහස් වන්නේ හොඳ පාසල්, ගුරු සම්පත් සහ අවස්ථා යනාදියයි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කය තුළම ඉතා ප්‍රසිද්ධ පාසල්වලට ආසන්නවම දුර්වල පාසල්ද පවතී. එසේම බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවල කොළඹ ප්‍රධාන පාසල් සමඟ තරග කළ හැකි පාසල්ද පවතී.

ඒ අනුව දිස්ත්‍රික්කය යනු අධ්‍යාපන ගුණාත්මකභාවය හෝ සංවර්ධන මට්ටම මැනීමට සුදුසු ඒකකයක් නොවේ. එබැවින් මෙම ක්‍රමය මඟින් සාධාරණත්වය සම්පූර්ණයෙන්ම ලබාදෙන බව ප්‍රකාශ කළ නොහැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යාපනයට තම ජීවිතයම කැප කරන නාගරික සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙනේ. ඇතැමුන් මෙම ගැටලුව දෙස බලන්නේ “දුප්පත් සිසුන්ට අවස්ථාව ලබාදීම සඳහා යම් අසාධාරණයක් සිදුවීම පිළිගත හැක" යන අදහසින් වුවද, යථාර්ථයේදී මෙයින් වැඩි පුරම පීඩාවට පත්වන්නේ ධනවත් පන්තිය නොව නාගරික මධ්‍යම පන්තියේ සාමාන්‍ය සිසුන්ය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම පිළිබඳ යෝජනාවන් අලුත් ඒවා නොවේ. 1987 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පත් කළ කමිටුවක්ද මෙය අහෝසි කිරීම යෝජනා කර තිබේ. එසේම 1991 සහ 1995 වසරවලදීද සංශෝධන යෝජනා ඉදිරිපත් විය. එහෙත් ඒවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවූ අතර, සීමිත වෙනස්කම් පමණක් සිදුවිය. ඒ අනුව, වසර ගණනාවක් පුරා මෙම ක්‍රමය නොවෙනස්ව පැවතීම සැබෑ ලෙසම දක්ෂ සිසුන්ට අසාධාරණයක් බව පැහැදිලිය. එබැවින් මෙම ක්‍රමය දැන්වත් සංශෝධනය කිරීම අවශ්‍ය වේ.

මෙය යම් මට්ටමකින් සංශෝධනය කළහොත්, වෛද්‍ය හා ඉංජිනේරු වැනි පීඨවලට ඇතුළත් වීමේ දැඩි තරගය යම් තරමකින් ලිහිල් විය හැකි අතර, නාගරික සිසුන්ගේ අපේක්ෂාභංගත්වයද අඩු විය හැක. අවශ්‍ය නම්, මෙය සම්පූර්ණයෙන් අහෝසි කළ නොහැකි තත්ත්වයකදී වුවද, කුසලතා පදනම 70% ක් සහ දිස්ත්‍රික් කෝටාව 30% ක් ලෙසවත් සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

https://www.facebook.com/share/p/19EF8yFbKj/
4,2900035
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

27 ஆக., 2026, 20:20

ලංකාවේ අය බහුතරයක් නොදන්න විදෙස් වෛද්‍ය උපාධි මාෆියාවේ තිත්ත ඇත්ත !!!

ලංකාවට විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට විදියට එන හැමෝම එන්නෙ එකම විශ්ව විද්‍යාලයකින් නෙමෙයි. ඒ වගේම සමහරු හිතනව වගේ ලෝකෙ හොඳම Ranking තියන විශ්ව විද්‍යාල වලිනුත් නෙමෙයි.
මේ හුගක් රටවල වෛද්‍ය උපාධිය විකිණීම ලාබදායී විදේශ විනිමය හොයන මාර්ගයක් වෙලා තියෙන්නෙ. ඔවුන් ඒ වෙනුවෙන්ම International students ලට වෙනම ඉංග්‍රීසි මාධ්‍ය Degree programs හදලා තියෙනවා. හැබැයි ඒ Degree programs වල ලැබෙන සායනික පුහුණුව (clinical training) , විභාග ප්‍රමිතිය සහ අනෙකුත් standards ඒ රටේ දේශීය වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන උපාධිය එක්ක බැලුවම බොහොම බාල මට්ටමක තියෙන්නෙ. ඒ වගේම Fail/repeat කිරීම ඉතාම අවම නිසා ඉක්මනින් උපාධිය අරගෙන එන්න පුළුවන් වීම නිසාත් සාපේක්ෂව හොඳ වෛද්‍ය විද්‍යාල වලට වඩා affordable නිසාත් මේ කියන විශ්ව විද්‍යාල වලට ලංකාව ඉන්දියාව බංගලාදේශය වගේ දකුණු ආසියානු රටවල ශිෂ්‍යයන් ගෙන් ලොකු ඉල්ලුමක් තියෙනව.
අනිත් ගැටලුව තමයි භාෂාව , ඉස්සර හුගක් විදෙස් වෛද්‍ය උපාධි දෙන විශ්ව විද්‍යාල වල මුල් වසර හෝ දෙක අදාල රටේ භාෂාව ඉගෙනීම අනිවාර්යයි. මොකද උපාධියේ වැදගත්ම කොටස වෙන සායනික පුහුණුවට රෝගීන් එක්ක කතා කිරීම අත්‍යාවශ්‍ය වෙන නිසා. හැබැයි දැන් බහුතරයක් තැන් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය කරනව මිසක් අදාල භාෂාව නොදන්නා නිසා සායනික පුහුණුවක් හරියාකාර විදියට ලැබෙන්නෙ නෑ. ඉතින් මේ වගේ විශ්ව විද්‍යාල වලින් එන බහුතරයක් සමහර විට ජීවිත කාලෙටම හරියට බලල තියෙන්න අතේ අගිලි ගානටත් වඩා අඩු ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් රෝගින් ගණනක්.
හැබැයි මේ ප්‍රමිතියේ ගැටලුව ඒ රටවලට ප්‍රශ්නය්ක් වෙන්නෙ නෑ මොකද මේ උපාධිධාරීන්ට ගොඩක් වෙලාවට ඒ රටවල රැකියාව දෙන්නෙ නෑ. ඒ රටවලට අවශ්‍ය වෛද්‍යවරු හරි ප්‍රමිතියකින් වෙනම හදන නිසා. ගැටලුව වෙන්නෙ අපේ රටවල සෞඛ්‍ය පද්ධතියට.
හොඳ වෛද්‍ය පීඨයකින් උපාධිය අරන් එන යම් පිරිසකුත් මේ අතර ඉන්නවා. හැබැයි ඒ හැමෝවම පෙරලා Rank කරන ERPM විභාගයේ සායනික කොටස බොහොම සරල කරලා සැබෑ දක්ෂයා තෝරගන්න බැරි මට්ටමකට පත් කරලා ඉවරයි. ඒක ඇත්තටම හොඳ දැනුමක් එක්ක හොඳ උපාධියක් අරන් එන ශිෂ්‍යයෙක්ටත් වෙන අසාධාරණයක් .
ERPM විභාගෙට Examiners ලා විදියට ගිය වෛද්‍යවරුන් බහුතරයකට මේ ගැටලුව හොඳටම තේරිලා තිබුනා. මොකද කවදා හරි ඒ විභාග pass වෙලා එන වෛද්‍යවරු තමන්ගේ වාට්ටු වල වැඩ කරන්න එනවා නේද කියන බය නිසා. හැබැයි ලංකාවෙ සාමාන්‍ය පුරවැසියන් බහුතරයකට "අපිටත් මේ වගේ වෛද්‍යවරුන්ගෙන් බේත් ගන්න වෙනවා නේද" කියන බිය මතු වෙලා නෑ. තාමබහුතරයක් මේක දකින්නෙ කුහක කම නිසා කරන විරුද්ධ වීමක් විදියට.
වෛද්‍ය සභාව සහ රජය මේ ගැන දැන් ගන්න හරි හෝ වැරදි තීරණ වල ප්‍රතිපල පේන්න ටිකක් කල් යයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි

-copied
3,3400018
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

25 ஆக., 2026, 20:09

Vacancy Step 01
2025/26 💡

නංගි මල්ලි මේ වෙද්දි ඔයාලගේ පළවෙනි පුරප්පාඩු පිරවීමට අදාළව ,

University Courses Update වෙලා ඉවරයි 🤴

🧑‍🎓 ඔයාලට මේ ක්‍රම දෙකෙන්ම බෝට්ටු ආවද නැත්ද කියලා බලාගන්න පුලුවන්

1. මේ වීඩීයෝ එකේ දාලා තියන විදියට ඔයාලගේ Selection Letter එක Download කරගෙන බලන්න

https://youtu.be/nQ_iJNPhu8c

2. මේ Link එකට ගිහින් ඔයාගේ Index Number එක Enter කරන්න.
මේ වෙද්දි මේ Link එක Update කරලා තියෙන්නේ

https://ugc.ac.lk/selection_26/

දැනට Not Selected වෙලා ඉන්න නංගිලා මල්ලිලා බය වෙන්න එපා. ඊළඟ එකත් ඉක්මනට එනවා. මම ඒ ගැන ඉක්මනින්ම Update කරන්නම්

Live Notifications වල ThuSh LK Whatsapp Channel එකත් එක්ක අනිවාර්යයෙන්ම Join වෙලා තියාගන්න 📍

https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z

#ThuSh
Video Thumbnail
2,280001
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

24 ஆக., 2026, 15:26

පොඩි එකෙක්ගේ ලොකුවට ඇද වුන කොන්දක් ලස්සන කරන්නට හැකි මේ රටේ අත් වල ඇඟිලි ගණනටත් අඩුවෙන් ඉන්නා මිනිස්සුන්ගෙන් එක මිනිහෙක් අප ……

නැති උනොත් එක ඇඟිලි පුරුකක් කරන්නට නොහැකිය සුසුම්නාවට නොදැනෙන්න සියුම්වට කොන්දේ සැත්කමක්…..

මිත්‍රවරුනි, කාට හැඟුණේ නැතත් තමන් තමන්ටම පමණක්ම නොව මුළු මහත් රටටම වටිනා බව හැඟෙනා මිනිහෙක් අපිත්…….

ඒ නිසා ගන්න පුළුවන් උනොත් ගන්නවා අපි ආරක්ෂාව උපරිම හොඳ වාහනයක්……..

ආණ්ඩුවට බදු ගෙව්වත් රාජ්‍යය අපේමැයි ඒ රටම වෙනුවෙන් වැඩ කරන එක තාමත් අපෙ හිතට සතුටක්……

සදා සැරදේවා ලක්‌ මව සහ ඇයගේ දරු කැළ

බදුලු රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍ය කැලුම් චතුරංග විදාන ගමගේ ගම්පහ සෙනෙහසේ නිවසේ සිට

දුර බැහැර ගෙවා ගෙන, රාජ්‍යයට වැඩ කරන, අවුරුදු හතරෙන් හතර අනිවාර්ය ස්ථාන මාරු යන, දොස්තර සනුහරේ මගේ මිනිසුන් වෙනුවෙන් උන්ගේ මහ මග කථාව රට්ටුන්ට දැන ගන්නට ලියන්නෙමි. …..

2026 අගෝස්තු 9 වෙනිදාය

https://www.facebook.com/share/p/1EnNEANd5j/?mibextid=wwXIfr
4,0800037
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

24 ஆக., 2026, 15:26

කාර් එකක් ගන්න හිතුවා මිත්‍රවරුනි……

දැනට අපේ යාම් ඊම් සඳහා භාවිතා කරන මෝටර් රථය අප මිලදී ගත්තේ වසර 2013 අග භාගයේදීය….. එහෙට මෙහෙට සහ බැංකුවලට ණය වී අපේ ඇති මුදලත් එක්කාසු කොට ලක්ෂ දාහතර හමාරකුත් ටැක්ස් ගෙවා රුපියල් මිලියන හතරකට එය මිලදී ගත්තේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවටත් පින් සිද්ධ වන්නට hybrid car වල tax අඩුම කාලයේදීය. …

පහුගිය අවුරුදු 13ට රුපියල් 102න් පටන්ගෙන ලීටරය රුපියල් 450ටත් වඩා වැඩි මුදලට පෙට්‍රල් ගසාගෙන ගිය දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙලක්ෂ හතලිස් දාහකට මදකට අඩුය….

පොළොන්නරුව, පේරාදෙනිය, මහනුවර, කොළඹ ජාතික රෝහල, කළුතර, ජපුර, කෑගල්ල, කල්මුණේ, බදුල්ල
යනාදී වශයෙන් ලංකාවේ පළාත් හයක ඉස්පිරිතාල රස්සාව උදෙසාම යන්නට එන්නට ගිය දුර අහක් කළ විට අපගේ පෞද්ගලික පරිහරණයට මේ රථයෙන් ගිය දුර අතිශයින් කෙටිමය…..

බොහොමයක් මගේ සහචර විශේෂඥ වෛද්‍ය සගයන් වියදම් කරන්නට පඩිය මදි නිසාවෙන්ද, යන එන ගමනේ driver මහන්සිය කාරණාවෙන්ද, බදුල්ලට යන්නට එන්නට සැප බස් ඇති නිසාවෙන්ද සහ එකී නොකී මෙකී කාරණා කරණ කොටගෙන බස් සරණ යද්දි කාර් එකක බදුලු බඩ ගාන්නටම කාරණා ගණනාවක් අපිට ඇත…..

යකෝ, අවුරුදු දා හතරක් පහළොවක් උපාධි පශ්චාත් උපාධි කර මේ රටේ යන්නට හැකි උපරිම තැනට ගොස් පැය හයක ගමනක් යනකොට චූ බරක් හැදුනහම ඒක තද කරගෙන බස් එක නවත්තන කම් ඉන්න ඕනෙද අප……?

සති දෙකකට වරක් පොඩි එවුන් බලන්නට ගෙදර යනකොට පාරේ විකුණන්න ඇති ගඩා ගෙඩි එකතු කරගෙන ගොස් උන්ගේ ආදරේ විඳින එක මොහොතත් මහ සතුටක් අපට…..

ඇතිලිවැව මීකිරි හට්ටි දහයක් පහළොවක් වටේ උන් එක්කලා බෙදාගෙන කන එක තවත් එක රසයක්මය……

කොරෝනා කාලේදී බදුල්ලෙන් යන ගමන් පුරා මලු පුරෝගෙන බෙදුව එළවලු සතුට ජීවිතේ මියෙන තුරු නොමියෙනා මතකයක්. …

කිලෝමීටර පන්දාහකට වතාවක් සේවා නඩත්තුත් කරගෙන, කිලෝමීටර 40,000කට වතාවක් ටයරුත් දමාගෙන, ආර්ථික අර්බුද කාලයේ රුපියල් ලක්ෂ හතකට හයිබ්‍රිඩ් බැටරිත් දමාගෙන, driver වැඩෙත් තම අතින් කරගෙන, අපේ පෙට්‍රල් අපිම පුච්චාගෙන කළ රාජ්‍ය සේවයේ සුන්දර මතක තවත් දිගු කළ යුතු නොවේමද….?

permit සංස්කෘතිය අවසාන කර අපිටම කෙලවූ කලෙක ප්‍රවාහනයට හරි හමන් කිසිදු දීමනාවකින් තොරව අනිවාර්ය වාර්ෂික ස්ථාන මාරු තිතට අනුගමනය කරමින් රාජ්‍ය සේවය සලසන විධායක ශ්‍රේණියේ ලොකුම ලොකු පොරක් වීම ගැන මෝඩ ආඩම්බරය හැමදාට තිබිය යුතුමය……

තිතට වෙලාවට සර්විස් කලත් දෙන්නට ඕනෑ ගරු සරු සියල්ලම දුන්නත් වයසෙන් නාකි වෙනකොට මේ මෝටර් රථයේ සමහර කෙඳිරිලි නවතන එක අපහසු කාරණයක්…..

ඒ වුණත් එන්ජින් ධාරිතාවය 1800cc, මොහොතකින් පොල් ගහක නගින්නට උනත් ජවයක් ඇති, විටෙක රළු පොළවක යට වැදුණත් දඩ බඩං, මහ පොළොව සිපගෙන ලතාවට වංගු අරගෙන, කිලෝමීටර් 300- 400කට පසුවත් ඇඟට නොදැනෙන ලෙස ගෙදරට ළඟාවෙන “මගේ” යයි කියාගත් මේ යකඩ ගොඩ අවුරුදු දහ තුනකට පසුත් මට මහත් සැපයක්…….

“ මැණික් ඔය කාර් එක පැද්ද දැන් ඇති, ඔයාටම තේරෙනවනෙ දැන් ඕක ටික ටික ලෙඩ දෙනවා. ඕකට ලෝබ නොවී ඕක විකුණලා දාලා කීයක් හරි ණයත් වෙලා අතේන් ගානකුත් දාලා අලුත් වාහනයක් ගන්න….. ඔයා ඔය යන විදිහේ හැටියට ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්නට ඕන….. ඔයා දන්නවනේ මම නම් ඔය චීන වාහන වලට යටි හිතකවත් කැමැත්තක් නැහැ….. ඔයා වාහනයක් ගත්තොත් කොහොම වුණත් තා අවුරුදු දහයක් පහළොවක් පදිනවා…. ඒ නිසා ජපන් වාහනයක්ම ගමු”

සෙනෙහස මුහු වෙච්ච, පාරෙ අපෙ ජීවිතය ගැන උතුරන්න විස්සෝප වන ඔය වචන වෙන කාගෙවත් නොව “ කළු උනත් සුදු” මගේ යැයි කියා ගත් මගේ මැණිකගේමය…….

ඔව් මිත්‍රවරුනි, අවුරුදු දෙකකටත් එහා අතේ තියෙන පර්මිට් කොලේ රෝල් කරලා අහවල් එකේ නොගහගෙනම පොඩ්ඩක් හෙව්වා වාහන වල මිල ගණන් ඇගේ කංකරච්චලයටම……

බදුලු යන්නට නම් හපුතලේ කඳු බඩ ගාන්නට ඕනෙමය…. පැය හයකට මෙහා එන්නට ඕනෙ නම් හරි හමන් විදිහකට වාහනයක් දෙකක් over take කරගන්න ඕනමය…. කන්ටේනර් තෙල් බවුසර් පස්සේ බඩ නොගා එන්නට ඕනෙමය….. ඔන්න ඔය වැඩේට engine capacity එක ටිකක් ලොකුවට තිබුනොත් හොඳය……
නෝනා කිව්ව ලෙසටම ආරක්ෂාකාරි වාහනයක් වෙන්න ඕනෙමය….. ටිකක් හොයලා බැලුවහම අඩුම ඕනේ මිලියන 20ක් 30ක්….. ආණ්ඩුවෙ ටැක්ස් එකම විතරක් අපේ අවුරුදු පහ හයක පඩියක්……. ඔව් මිත්‍රවරුනි , Basically කිව්වම පෙට්‍රල් අතින් ගහගෙන ආණ්ඩුවට වැඩ කරන්නම ගන්න නම් වාහනයක්…..

රටේ මේ කොනේ සිට එහා කොනේ කල්මුනේ ගිය, නුවරඑළි ගිරි ශිඛර තරණය කරපු, හිස හැරුණු අතකින් නොයෙක් මාවත්වලින් තාමත් බදුලු යන, තිසරණී මගේ දුවට සහ අනුත්තර පුතුට සති දෙහෙකට වතාවක් උණත් ඉන්නා එකම තාත්තා අප…….

කළු උනත් සුදු මගේ මැණිකට මියෙන තුරු අත අල්ලන් ඉන්නට සිටින එකම මැණික වෙමි මම….

කරදඬු උස් මහත් කොට ජීවිතයේ ඕනෑම පිම්මක් සැකක් නොමැතිව පනින්නට සවිය දුන් අම්මාට මියෙන තුරු වාරු වෙන්නට ඇති එකම පොඩි පුතු අපිමමය……

බදුල්ලේ මිලියනයක මනුස්සයන්ගේ අතකට කකුලකට කොන්දකට වගකියන්නට ඉන්නා විකලාංග වෙදුන් දෙන්නාගෙන් එකෙක් අප …..
3,0800027
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

24 ஆக., 2026, 15:26

⭐️ 2025/26 ✅

නංගි මල්ලි මේ වෙද්දි 2025/26 Cut Off Marks Release වෙලා තියෙන්නේ.

ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලා Select උන Course එක.මේ Link එකට ගිහිල්ලා 👇

https://ugc.ac.lk/selection_26/

#ThuSh
3,620004
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

23 ஆக., 2026, 00:02

පැය ගණන් පාඩම් කරලත් Marks අඩුද? අඩු වෙලාවකින් වැඩි ලකුණු ගන්න ක්‍රම 10ක්!


ඔබත් පැය 6ක් 8ක් එක දිගට පාඩම් කරලත්, පැය 2ක් විතරක් පාඩම් කරපු යාළුවා විභාගයෙන් වැඩි ලකුණු ගන්නවා දැකලා කලකිරිලා තියෙනවද? ඇත්තම කතාව නම්, වැඩි වෙලාවක් පාඩම් කිරීමෙන් විතරක් විභාග ප්‍රතිඵල වැඩි වෙන්නේ නැහැ.


ඔබට අවශ්‍ය වෙන්නේ තවත් පැය ගණනාවක් නිදි මරාගෙන දුක් විඳීම නෙවෙයි, නිවැරදි ක්‍රමවේදයක් (System).

අඩු කාලයකින් වැඩි මතකයක් සහ ඉහළ ලකුණු ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 10 මෙන්න:



1. පාඩම් කිරීම පැය ගණනින් මනින්න එපා (Stop Measuring in Hours)

පැය 8ක් පොතක් දිහා බලාගෙන හිටියට මොළය වැඩ කරන්නේ පැය 2ක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට පාඩම් කිරීම මනින්න ප්‍රතිඵලයෙන් (Results). "මම අද පැය 3ක් පාඩම් කරනවා" කියනවා වෙනුවට, "අද මේ session එක ඉවර වෙනකොට මම ප්‍රභාසංස්ලේෂණය පාඩම නෝට්ස් නොබලා පැහැදිලි කරන්න සහ ප්‍රශ්න 20ක් කරන්න පුළුවන් තත්ත්වයට එනවා" වැනි නිශ්චිත ඉලක්කයක් තබාගන්න.



2. නැවත නැවත කියවීම නවත්වන්න (Stop Re-reading, Start Testing)

නෝට්ස් නැවත නැවත කියවීමෙන් හෝ පාට කිරීමෙන් (Highlighting) ලැබෙන්නේ දන්නවා වැනි ව්‍යාජ හැඟීමක් (Familiarity) පමණි. පොත වසා ඔබටම ප්‍රශ්න අසාගන්න (Active Recall). මොළයට තොරතුරු මතක් කරගැනීමට බල කරන විට මතකය තහවුරු වේ.


3. Notes ප්‍රශ්න බවට පත්කරන්න (Turn Notes into Questions)

සටහන් ලියන විට කෙලින්ම කරුණු ලියනවා වෙනුවට ඒවා ප්‍රශ්න ලෙස ලියන්න.

උදාහරණය: "මයිටොකොන්ඩ්‍රියා මගින් ATP නිපදවයි" වෙනුවට "මයිටොකොන්ඩ්‍රියාවල ප්‍රධාන කාර්යය කුමක්ද?" ලෙස ලියන්න. එවිට සටහන් පොතම ප්‍රශ්නාවලියක් බවට පත්වන අතර, ඉක්මනින් Revision කරගත හැක.


4. ඔබේ දුර්වල තැන් හඳුනාගන්න (Find Your Weak Spots)

දැනටමත් දන්නා කොටස් නැවත නැවත කියවීම පහසු වුවත්, ලකුණු වැඩි කරගත හැක්කේ නොදන්නා කොටස් වලිනි. පාඩම් මාතෘකා වර්ණ 3කට බෙදන්න:
කොළ (Green): හොඳින්ම දන්නා කොටස්
කහ (Yellow): සාමාන්‍යයෙන් දන්නා කොටස්
රතු (Red): කිසිසේත්ම තේරෙන්නේ නැති කොටස් වැඩි කාලයක් කහ සහ රතු කොටස් වෙනුවෙන් යොදවන්න (Targeted Practice).


5. Feynman ක්‍රමය භාවිත කරන්න (Use the Feynman Technique)

ඔබ යම් පාඩමක් අවුරුදු 10ක කුඩා දරුවෙකුට තේරුම් කර දෙන අයුරින් සරල වචනවලින් විස්තර කිරීමට උත්සාහ කරන්න. සංකීර්ණ වචන හෝ පොතේ වගන්ති නැතිව එය සරලව කියා දීමට නොහැකි නම්, ඔබට එම කොටස නිවැරදිව අවබෝධ වී නොමැති බව තේරුම් ගත හැක.


6. සූදානම් යැයි සිතෙන තුරු නොසිට ප්‍රශ්න පත්‍ර කරන්න (Practice Before You Feel Ready)

"මුළු පාඩමම ඉවර කරලා ප්‍රශ්න පත්‍ර කරනවා" යැයි සිතන්න එපා. ප්‍රශ්න කිරීම යනු ඔබ දන්නා දේ මැනීමට පමණක් නොව, ඔබ නොදන්නා දේ කුමක්දැයි පෙන්වා දෙන මඟපෙන්වීමකි.


7. කාල පරතරයක් සහිතව නැවත මතක් කරන්න (Spaced Repetition)

විභාගයට පෙර මුළු දවසක්ම එක දිගට නිදිමරා පාඩම් කරනවාට වඩා, කෙටි කාල පරිච්ඡේද කිහිපයක් දින කිහිපයකට බෙදා පාඩම් කරන්න:
Day 1: පාඩම ඉගෙන ගන්න
Day 2: මතක් කරගන්න (Recall)
Day 4: ප්‍රශ්න කර ඔබම පරීක්ෂා වන්න
Day 7: දුර්වල තැන් නැවත බලන්න


8. පූර්ණ අවධානයෙන් යුතුව පාඩම් කරන්න (Brutally Focused Sessions)

පාඩම් කරන විට දුරකථනය කාමරයෙන් ඈතින් තබන්න. විනාඩි 40-50ක කාලයක් එක නිශ්චිත ඉලක්කයක් වෙනුවෙන් පමණක් අවධානය දෙන්න. විවේක ගන්නා විට සමාජ මාධ්‍ය බලන්නේ නැතිව සැබෑ විවේකයක් ගන්න.


9. වැරදි සටහන් පොතක් තබාගන්න (Create an Error Log)

ප්‍රශ්නයක් වැරදුණු විට නිවැරදි පිළිතුර පමණක් බලා අත්නොහරින්න.
මට වැරදුණේ ඇයි?
මා නොදුටු කරුණ කුමක්ද?
ඊළඟ වතාවේ මේ වැරැද්ද නොවෙන්න මම මොකක්ද කරන්න ඕනෙ? යන කරුණු සටහන් කරගන්න. විභාගයට පෙර මුළු පොතම බලනවාට වඩා ඔබේ මේ වැරදි ලැයිස්තුව බැලීමෙන් ලකුණු සීඝ්‍රයෙන් වැඩි කරගත හැක.


10. මොළය වෙහෙසට පත් වූ විට පාඩම් කිරීම නවත්වන්න (Stop Studying)

එකම වාක්‍යය 5 පාරක් කියවන තරමට මොළය වෙහෙසට පත්ව ඇත්නම් තවදුරටත් පොත දිහා බලාගෙන සිටීමෙන් ඵලක් නැත. විවේකයක් ගන්න, ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.



පාඩම් කිරීම කියන්නේ පැය ගණන් පොත් දිහා බලාගෙන සිටින තරගයක් නෙවෙයි; මොළයේ හැකියාව වෙනස් කරන ක්‍රියාවලියක්. වැදගත් වන්නේ ඔබ ගත කළ කාලය නොව, එම කාලය තුළ ඔබ ලබාගත් නිවැරදි අවබෝධයයි!
3,2800049
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

22 ஆக., 2026, 13:47

Photo1/2
විධායක බලයයි, ආණ්ඩු බලයයි, මැර බලයයි මදිවට රටේම හිටපු 80 දශකේ බයියන්ගේ මහජන බලයත් නොඅඩුව තියන් හිටපු පාලකයාට බයක් නැතුව ස්ටේජ් නැගල,

"ඝාතකයා.." කිව්වා.. 😎😎

ඝට !!
2,74000120
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

21 ஆக., 2026, 12:56

🔴 2026 Physics MCQ Answers

මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න....

අනෙක් දරුවන් ද relax වෙන්න.
අනාගතය ගැන අපි පසුව plan කරමු.👊❤️

ඔබ සැමට ජය!!
(MCQ Answers ඉහත දක්වා ඇත)

❗️ICT දරුවන් ICT ප්‍රශ්න පත්‍රයට සූදානම් වන්න....

--------------------------------

Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න.

Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR

තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න.

උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න

📗 +94 71 144 4442

_ Team eWings
3,010006
Science 𝐇𝐔𝐁 ❤️ logo
Science 𝐇𝐔𝐁 ❤️

17 ஆக., 2026, 22:24

මේ පාර physics MCQ paper එක 2020 න් පස්සෙ ආව අමාරුම paper එක. ඒත් මේකේ ගොඩක් තියෙන්නෙ past papers. මේක 2015,2019 තරම් නම් අමාරු නෑ. සමහර ප්‍රශ්න හිතෙන් කරන තර්ක කිරීම් වලින්ම හදන්න පුලුවන් කටුකොල ණැතුවම.

මේ පාර ගොඩක් ලමයි මේක අමාරුයි කියන්නෙ 2020 න් පස්සෙ ආව ලේසි පේපර් වලට හුරුවෙලා ගියපු නිසයි.

Essay එකනම් ලේසී.

අනික Physics කියන්නෙ අමාරු විශයක් වෙන්න ඕනේ. නැතුව සරල බබා පාර්ට් ගනන් දීලා මේක පාස් කරවල වැඩක් ණෑනේ.
තර්ක කරන්න බැරි එකෙක් engineering medicine ඇවිල්ල මොනව කරන්නද.

දැන්වත් ලමයි S එකක් C එකක් ගන්න ටාගට් කරන් ඒකට ඇති වැඩ ටික නොකර physics concept ඉගෙන ගන්න try කරන්න.
දෙයියනේ කියලා හුරතල් කරලා පොඩි බබාලගේ ගනන් හදවන පන්තියකට නැතුව හොඳ Advance විදිහට Advance level එකට ගැලපෙන විදිහෙ ප්‍රශ්න කරවන පන්තියකට ගිහින් physics concept ටිකත් ඔලුවට දාගෙන ගනන් කටපාඩම් නොකර බොක්කෙන්ම මේක කරන්න.

ඊලඟ ශයි එකක් කරන්න වෙන අය Exam ඉවර උන ගමන්ම ඊලග ශයි එකට මහන්සි වෙන්න. ආතල් එකේ ඉන්න කාලයක් නෑ මල්ලි නංගි උබලට. ආතල් ගනින් පස්සෙ. A/L කාලේ ආතල් ගන්න උන්ට කෙලවෙනව අම්බානට.


අනිත් දේ ගොඩක් උන් හිතනවා දැන් exam ඉවරයි කියල. එහෙම හිතලා chemistry එක සරලව කරන්න යනවා.එතන තමයි ගොඩකට වරදින තැන.Medicine යන්න ඉන්න එකා science යන්නෙ ඕක නිසා.
4,47000114

Showing 30 of 69 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Science 𝐇𝐔𝐁 ❤️ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Science 𝐇𝐔𝐁 ❤️ (@biologyessays) என்பது tgdio இல் மருத்துவம் (Medical) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 8,698 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Science 𝐇𝐔𝐁 ❤️ (@biologyessays) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @biologyessays இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Science 𝐇𝐔𝐁 ❤️ நல்ல மருத்துவம் (Medical) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Science 𝐇𝐔𝐁 ❤️ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 8,698 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த மருத்துவம் (Medical) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Science 𝐇𝐔𝐁 ❤️ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @biologyessays பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.