1/2(1 ලිපිය)
ශරීරයේ බර එකපාරටම අඩුකරන Gastric Bypass Surgery එක ඇත්තටම මොකක්ද?
⭐මේකෙදි කෙරෙන්නේ අපේ ආමාශයේ (Stomach) ඉඩ ප්රමාණය කුඩා මල්ලක් වෙනකම් කුඩා කරලා, කුඩා අන්ත්රයට (Small Intestine) කෙළින්ම සම්බන්ධ කරන එක.
⭐මේ පින්තූරයෙන් පැහැදිලි වෙනවා සාමාන්ය කෙනෙක්ගේ ගලනාලයෙන් කෑම යන්නේ කෙළින්ම මුළු ආමාශයට.
⭐ඒත් Gastric Bypass කරපු චන්දිමාල්ගේ ආමාශය බයිපාස් කරලා, තැඹිලි පාටින් දක්වලා තියෙන විදිහට ගිලිනාලය කෙළින්ම කුඩා අන්ත්රයට (කුඩා බඩවැලට) සම්බන්ධ කරලා තියෙන්නේ.ඒ නිසා කන කෑම ආමාශය හරහා යන්නේ නැතුව කෙළින්ම කුඩා අන්ත්රයට ගමන් කරනවා."
මේකෙන් බර අඩු වෙන්නේ කොහොමද?
1)කන ප්රමාණය සීමා වෙනවා
✨️බඩේ ඉඩ ඉතා කුඩා නිසා පොඩ්ඩක් කනකොටම බඩ පිරෙනවා.
2)කැලරි උරාගැනීම අඩුවෙනවා
✨️කෑම ගමන් කරන මාර්ගය කෙටි වන නිසා ඇඟට තෙල්/කැලරි උරාගන්නා ප්රමාණය අඩුවෙනවා.
3)බඩගින්න අඩුවෙනවා
✨️Bariatric surgery එකෙන් පස්සේ බඩගින්න හදන හෝමෝන ක්රියාකාරීත්වය අඩුවෙනවා.
https://t.me/Dr_Biology_with_meddo









