♻️එහෙනම් හැමෝම හෙට දවල් 2 වගේ වෙනකොට පරිස්සමට එන්න නෙළුම් කුළුණ ගාවට.
ඒ එනකොට කෝකටත් කියලා කළු කුඩයක් ගේන්න. (කළු නැත්තම් මොන පාට හරි කමක් නෑ) බොහෝ විට වහින්නේ නැති වෙයි. හදිස්සියේවත් වැස්සොත් කියලා අපි ලෑස්ති වෙලා ඉමු.
කොහොමත්, වැස්සක්ට නවත්තන්න පුළුවන් generation එකක් නෙවෙයි ඔයාලා.
✅Talent Show Special Notice
"Generation '25" නෙළුම් කුලුණ පරිශ්රයේ පැවැත්වෙන නිසා එහි පාලනාධිකාරිය විසින් අපව දැනුවත් කර ඇති ආකාරයට ආරක්ෂාව සම්බන්ධව වෙනදට වඩා නීති රීති කිහිපයක් අපිට අනුගමනය කරන්න වෙනවා. ඒවා පහතින් තියෙනවා.
🔴සහහාගී වීමට බලාපොරොත්තු වන සිසුන්
http://Echem.lk/ වෙබ් අඩවිය හරහා Register වී Pass එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. Pass නොමැති කිසිම අයෙකුට සහභාගී වීමට අවස්ථාවක් හිමි හිමිවන්නේ නැත.
🔴Gate එක මගින් Passes ලබාදීම ද සිදු නොවේ. එදින සහභාගී වන සෑම සිසුවෙක්ම Pass එක ලෙස QR එක රැගෙන ආ යුතුය. එය printed ලෙස හෝ Mobile Device එකක Screen shot එකක් ලෙස රැගෙන ආ හැකිය.
🔴ගමන් මලු රැගෙන ඒම හැකිතාක් සීමා කරන්න. (නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සිදුවන බැවින් ඇතිවන අනවශ්ය තදබදය වැලැක්වීමට හැකි සියලුම දෙනා අත්යවශ්ය දේ හැර අනවශ්ය ලෙස ගමන් මලු රැගෙන ඒමෙන් වළකින්න)
🔴නෙළුම් කුලුන කළමනාකාරීත්වය ලබා දීලා තියෙන උපදෙස් මත පරිශ්රයට පිටතින් කෑම බීම/ වතුර බෝතල් රැගෙන ඒමට අවසර නැහැ. ඒ නිසාම අපි වෙනදට වඩා Food stall ප්රමාණයක් ලබා දීලා තියෙනව ළමයින්ට කෑම බීම ලබා ගන්න.
🔴ප.ව. 2.00 සිට Generation '25 සඳහා ඇතුලත් කරගැනීම ආරම්භ කරන අතර ප.ව. 6.00 වන විට ඇතුලත් කිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. 2.00 සිට 6.00 දක්වා කාලය තුළ open talents session, dj sessions කිහිපයක් සහ තවත් විශේෂ අංග කිහිපයක් පැවැත්වෙනවා.
🔴හෙල්මට් සහ ජැකට් පරිශ්රය තුලට රැගෙන ඒම සදහා අවසර නොමැත.(අවශ්ය අයට හෙල්මට්,ජෑකට් තැබීම සඳහා වෙනම ස්ථානයක් ඇතුළත් වීමේ ගේට්ටුවේ තිබෙනවා.)
ඕගොල්ලන්ගේ මේ ලස්සන වැඩේ සාර්ථක කරගන්න අපි හැමෝම මේ දේවල් පිළිපදිමින් උපරිම සහයෝගය දෙමු.
Generation'25 | Organizing Team