පාඩම් කරන ක්රම වලින් හොදම ක්රමයක් තමයි ලිය ලිය පාඩම් කරන එක 👀❤️
ඔයාලා මෙච්චර කල් ලිය ලිය පාඩම් කරේ මොන විදියකටද දන්නෑ මම පාඩම් කරපු ක්රමය කියන්නම්
උදාහරනයක් විදියට මෙන්න මේ බැද්දේගම උදෘත 08 අපිට පාඩම් කරගන්න ඕන කියමු
01. මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
02. නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක.
03. එයා ඒ ගමේ මොකද කරන්නේ?
04. ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා.
05. මොකට ද උඹ ඒක හැදුවේ?
06. ඉතින් උඹ මොකට ද එයාට ගෙයක් හැදුවෙ?
07. එයා ඒ මිනිස්සුන් අත් ඇරලා එනවා කියලා කතාවක් තිබුණා.
08. උඹ පැමිණිලි කාරයත් එක්ක හොඳ ද?
මම කරේ මෙහෙමයි ඔය පළවෙනි උදෘත හතර ගන්නවා.
ඒ හතරම අටවතාවක් කොලයක පේලියෙන් පේලියට පහලට ලියනවා මේ විදියට👇
(1) මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
(2) නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක
(3) එයා ඒ ගමේ මොකද කරන්නේ
(4) ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා
(5) මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
(6) නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක
(7) එයා ඒ ගමේ මොකද කරන්නේ
(8) ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා
(9) මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
(10) නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක
(11) එයා ඒ ගමේ මොකද කරන්නේ
(12) ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා
ඔයාලා අංක දාන්න ඕන නෑ මන් ඒක දැම්මෙ ඔයාලට වැඩේ කරන විදිය පැහැදිලි කරන්න
ඔය විදියට පිළිවෙලට, ඔය ලිව්වා වගේම තව 7 වතාවක් ඔය උදෘත හතර එක දිගට පහලට ලියාගෙන යන්න
ඔයාට සාමාන්යයෙන් ඔය විදියට පස්වතාවක් වගේ ලියාගෙන යද්දි උදෘත හතරම හොදට මතකයි. එතකොට ඉතුරු තුන්වතාවම ඔයා ලියන්නෙ මතකෙන්
4×8 = 32 අන්තිමට බලද්දි ඔයා ඒ උදෘත හතර 32වතාවක් ලියලා
හරි දැන් පළවෙනි උදෘත හතර ලියලා ඉවරයිනෙ, දැන් දෙවෙනි උදෘත හතරත් ඔය විදියටම ලිය ලිය පාඩම් කරන්න
දෙවැනි උදෘත හතරත් ලියලා ඉවරවුනාට පස්සේ, උදෘත අටම එක්වතාවක් හෝ දෙවතාවක් නැවත මතකෙන් කියවා කියවා පහලට ලියන්න. දෙවතාවක් ලියනවානම් වඩා හොදයි. එතකොට ඔයාට උදෘත අටම සුපිරියට මතකයි. මේක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන එක🔴
මන් මෙතන තියෙන උදෘත අටෙන් පළවෙනි උදෘත හතර විතරක් ඉස්සෙලාම ගන්න කිව්වෙ උදෘත අටම දිග වාක්ය නිසා
හිතන්න ඉංග්රීසි හෝ නැත්නම් වෙනත් භාෂාවක පොඩි ක්රියා පද අටක් තියෙනවා කියලා පාඩම් කරන්න. ඒ වගේ වෙලාවක ඒ ක්රියා පද අටම එක සැරේ අරගෙන ඔය වගේ ලිය ලිය පාඩම් කරාට කමක් නෑ ඒවා පොඩි වචන නිසා
ඔයාට කැමතිනම් ඒ පොඩි ක්රියා පද අටත් හතර, හතර අරගෙන ලියාගෙන යන්න පුළුවන්
පලවෙනි වචන හතර විතරක් ඉස්සෙල්ලා ලියන්න ගත්තොත් 4×8 = 32
වචන අටම එක සැරේ ලියන්න ගත්තොත් 8×8 = 64
ඔය ක්රම දෙකෙන් ඔයාට පහසු ක්රමයක් තෝරගන්න
මම නම් Recommend කරන්නේ පොඩි වචන උනාට කමක් නෑ ඒවත් හතර, හතර කඩාගෙන ලියන්න කියලා
ඔයා වචන අටම එක සැරේ ගත්තත් නැත්නම් හතර, හතර දෙවතාවකට ගත්තත් අන්තිමට බලද්දි කොහොමත් ඔයා වචන 64ක් ලියලා ඉවරයි. ඊටපස්සේ ආයෙත් ඒ වචන අටම එකපාරක් හරි දෙපාරක් හරි නැවත පහලට පිළිවෙලට කියවා කියවා ලියන නිසා ඒ ටික ගලේ කෙටුවා වගේ මතකයි කාලයක් යනකන්ම😁 මේක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන එක🔴
ඒත් ඔය උදෘත වගේ දිග වාක්ය පාඩම් කරන්න තියෙද්දි නම් ඒ වාක්ය ඔක්කොම ඔය විදියට එක සැරේ ලියන්න යන්න එපා. ඊටපස්සේ එපා වෙනවා ලියන්න ගියාම. උපරිම වාක්ය හතරක් අරන් ඔය විදියට ලිව්වට පස්සේ තව වාක්ය හතරක් ගන්න
ඔයාලා ලිය ලිය පාඩම් කරන විදිය මේකද බලන්න උදාහරණයක් විදියට සාහිත්ය උදෘත අටකින් එක එක උදෘත අරගෙන ලිය ලිය පාඩම් කරනවා හැබැයි අටවෙනි උදෘතය ලියද්දි අර පළවෙනියට දෙවැනියට තුන්වෙනියට, හතරවෙනියට ලියපු උදෘත ටික හරියට මතක නෑ එහෙම වෙන්නේ ඔයා අලුත් උදෘතයක් පාඩම් කරන්න යද්දි කලින් ලියපු උදෘත ටික ආයේ එක සැරයක් මතකෙන් ලියලා නෙවි පාඩම් කරන්න යන්නේ නිකන්ම යනවා ඒකයි එහෙම වෙන්නේ
මන් කලින් කිව්වා වගේ ඒ පාඩම් කරන්න තියෙන සාහිත්ය උදෘත වලින් හතරක් අරගෙන ඒ හතරම පිළිවෙලට පහලට අටවතාවක් ලියන්න
කොයිම වෙලාවකවත් වචන හෝ වාක්ය එක එක වෙන වෙනම අරගෙන ඔය මන් කියලා තියෙන විදියට ලියන්න යන්න එපා එතකොට තමයි අර අන්තිම එක ලියද්දි මුල් ටික මතක නැති සීන් එක එන්නේ
පාඩම් කරන්න වචන හෝ වාක්ය 50ක් තියෙනවා කියමු. ඒ 50ම ඔය මන් කිව්ව විදියට හතර, හතර අරගෙන කියවා කියවා ලියන්න
එහෙම ලියාගෙන යන අතරේ අලුතෙන් ලියන හැම වචන හෝ වාක්ය හතරක් පාසාම අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි කලින් ලියපු සියලුම වචන හෝ වාක්ය නැවත නැවත මතකයෙන් කියවා කියවා ලිවීම🔴
ඒ කිව්වේ ඔයා ඒ වචන හෝ වාක්ය 50 හතර, හතර අරගෙන ලියද්දි හැම අලුතෙන් ලියන වචන හෝ වාක්ය හතරක් පාසාම නැවත එක්වතාවක් හෝ දෙවතාවක් කලින් ලියපු වචන හෝ වාක්ය ටික ඔක්කොම පිළිවෙලට පහලට කියවා කියවා ලියන්න ඕන🔴
ඒ විදියට ඔයා ඒ වචන හෝ වාක්ය 50ම ලිව්වොත් 50වෙනි එක ලියද්දිත් ඔයාට කලින් 49ම හොදට මතකයි. ඒ ඇයි කියලා ඔයා දැන් දන්නවා
Work Hard 😇
https://t.me/KavinDu_Rasanga ✍️📚