ඔයාට ඔය mindset එකත් එක්ක වැඩ ටික ඉස්සරහට කරන්න අමාරුයි..
දැන් ඔය ඔක්කොම ටික අමතක කරලා ගිහින්, කාමරේ අස් කරන්න...
පොත් මේසේ, පොත් රාක්ක ඔක්කොම වෙනස් කරන්න..
මෙහෙමයි මම දැන් මෙතන මොනා කිව්වත් ඔයාගේ සූදානමක් තියෙන්න ඕන හොඳට වැඩ කරන්න. නැත්තං මම මේ කියන දේවල් නිකම්ම නිකන් වචන විතරයි..
ඔය කාමරේ අස් කරන්න කියලා කිව්වේ ඇඟට පොඩි වෙනසක් දැනෙන්න..
දැන් ඔය යන ෆ්ලෝ එක ඔයාට හරියන්නේ නෑ.
ඒක නිසා හැමදේම පොඩ්ඩක් වෙනස් කරගන්න..
තව මාස නවයක් ම තියෙනවනේ..
අදින් අලුතෙන් පටන් ගන්න පරණ දේවල් ටික අමතක කරල දාන්නකෝ ඉස්සෙල්ලම 😜
තේරුණාද පරණ දේවල් එකක්වත් ආයෙ මතක් කරන්න එපා මතක් වුනොත් ආයේ ටක්ගාල අමතක කරලා දාන්න..
දැන් ඔයා කාමරේ අස් කර ගත්තනෙ. මේක ඉතින් අනිවාර්යෙන් කරන්ඩ ඕනේ ඈ..
මේ කියන්න ඔයාට ආරම්භයක් ගන්න හැටි විතරයි.
ඔයාට ඉස්සරහට වැඩ ටික කරන්න පුළුවන්.
දැන් කාමරේ ආස කරන එක තමා ප්රධානම දේ ..
පාඩම් කරන මේසෙ උඩ කිසිම පොතක් තියාගන්න එපා..
ඊට පස්සේ ඔයාට මග ඇරිලා තියන දේවල් ටික කොලයක් අරන් ලියාගන්න..විෂයන්ට අදාලව වෙන වෙනම ලියාගන්න...
එහෙම ලියාගෙන සතියේ දවස් හත අරගෙන ඒ දවස් හතට ඒ ඒ දේවල් ටික බෙදලා දාන්න ඔයාට කරන්න පුළුවන් වෙලාවල් බලලා..
මෙහෙමයි දැන් ඔයා කාමරය වෙනස් කරලා අලුතින් පටන් ගත්තට හෙට ඉදන් හොඳට පාඩම් කරන්න බෑ.. ඒකට ටික කාලයක් ගත වෙනවා මයි.. ඒ අතරතුර ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා..
පළවෙනි දවස සමහර විට ඔයාට පැය දෙකක් වෙන්නැති වැඩ කරන්න පුළුවන් වෙන්නේ.. හැබැයි වැඩ කරන්න පුළුවන් වුණේ පැය දෙකයි කියලා දුක් වෙන්ට බෑ...
ඒක සතුටින් බාර ගන්ට ඕන .. එහෙම නැතුව ඔයාට එක දිගට වැඩ කරන්න වැඩ කරන්න හම්බෙන්නෑ දවස් දෙක තුනක්වත් ❗️❗️❗️❗️
දැන් අර විදිහට කොළයක් අරගෙන ලියා ගත්තට පස්සේ ඔයාට ලේසිම වැඩම කරන්න පටන් ගන්න..
අමාරු ඒවා පහුවෙලා කරමු.. දැන් ඒ ඔයා ලියාගත්තු වැඩ අතුරින් ඔයාට කරන්න ලේසිම දේවල් ටික වෙනම පොඩ්ඩක් හයිලයිට් කරගන්ඩ..
ඊට පස්සේ ඒ විදිහට කරන්න යන්ඩ.
මෙහෙමයි ඔයා මතක තියාගන්ඩ ඕනා ඔයා මොකුත්ම වැඩක් කරපු නැති එක්කෙනෙක් කියලා .. ඉතිං එහෙම කෙනෙක් එක පැයක් හරි පැය දෙකක් හරි වැඩ කරන එක ගැන සතුටු හිතන්න.. අන්න ඒ විදිහට තමා පැය ගාණ වැඩි කර යන්නේ..
ඔය ගමන්ම ඔයාට ඉගෙනීමට බාධා වෙන දේවල් හැම එකක්ම එකින් එක අයින් කරන් යන්න, මම අර ඊයෙ phone addiction ගැන දාපු එකේ විදිහටම...
දැන් වෙලාව හවස හයයි නේ..
තව දවස ඉවර වෙන්නත් පැය හයක් තියෙනවා.. දැන් මං අර කියපු විදිහට වෙනස් වෙන්ඩ. ඔයා වෙනස් උනේ නැත්තං දැන් ඉන්න තත්වෙන් එක අඩියක්වත් ඉස්සරහට එන්ඩ බෑ. ඒක නිසා ඇඟට වෙනසක් දැනෙන ඉඩ අරින්න...
අර, ගෙදර අයත් එක්ක පොඩ්ඩක් තරහ යනවා කියලා කිව්වේ😉
අන්න ඒකට අම්මත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා කතා කරන්න.. මොනා හරි ඕපදූපයක් හරි ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා එන්න.. එයාලා බයින දේවල් ඒ වෙලාවේ වැඩිය ගණන් ගන්න එපා..හැබැයි පස්සෙ වෙලාවක ඒ ගැන හිතලා බලන්ඩ කවුද වැරදි ඇයි වැරදි කියලා 🤓
යාළුවෙක් එක්ක හරි කමක් නෑ පොඩ්ඩක් කතා කරන්න ..
මාස ගණන් වලට ප්ලෑන්ස් ගහන්න එපා. ඉස්සරහ සතියට විතරක් ඔයා ගහගන්න.. අපි ටික දවසක් ගියාම මාසෙකට ප්ලෑන් එකක් ගහන විදියක් ගැන හිතමු..
එදා දවසෙ වැඩ එදාම කරගන්ඩ උපරිම ට්රයි එකක් දෙන්න.. ඒ උපරිම ට්රයි එකක් දෙද්දී කැපකිරීම් කරන්න වෙනවා කියන එක තේරුම් ගන්න...
වැඩ කරන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා ආයෙත් පටන් ගන්න මුල ඉදන්...
මං අර කියපු විදියට මග ඇරුනු වැඩ ටික ලියාගෙන බිත්තිය ඉස්සරහ ගහගන්න නැත්තං මේසේ අලවගන්න.. ඒවගෙන් කරන එක වැඩේ ගානේ හරි ලකුණක් දාන්න.
හදපු ප්රශ්න ආය හදන්න..
එතකොට තමන්ට පුළුවන් කියන එක තේරෙනවනෙ...
පොඩි පොඩි targets තියාගන්න දවසට..
හරිනෙ එහෙනං, ඔය විදියට වැඩ පටන් ගන්ඩ.... වැඩ පොඩ්ඩක් කරල ගොඩක් සතුටු වෙන්ඩ, (දැනට)
එතකොට ඔයාට වැඩ කරන්න හිතෙනවා ...
ඔයා ෆොටෝ හිතලා බලන්ඩ ඔයාට වැඩ කරන්න හිතෙන්නෙ මොනා හින්දද? මොන වෙලාවටද ? කියල..
ඒ දේවල් ගැන හිතන්න හොඳට.
අද ප්ලෑන් එක ගහන්න සතියකට..
කාමරය අස් කරලා,☺️
හෙට ඉදන් මම වෙනස් වෙනවා කියන එක ලොකුවට ඇඟට ගන්න ඕනේ නෑ .. ෂේප් එකේ කරන් යන්..
දැන් අද දවස ඉවර වෙන්න කලින් කාමරය අස් කරලා පිළිවෙලක් කරලා වෙනසක් කරගන්න..
අද වැඩ කරන්න එපා, ඔයා මෙච්චර කල් කරපු ඒවා පෙරළ පෙරළ බලන්න...
කාමරය අස් කරන ගමන්ම ඒ දේත් කරන්න...
ඔය දේවල් ටික කරලා බලන්න එහෙනම්. හැබැයි විශ්වාසයෙන් කරන්න ඕන... තමන්ට පුළුවන් කියන එක ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනා.
ඒ කියන්නේ තමන් 'පොරක්' කියන එක ගැන හිතන්න.. එහෙම හිතලා වැඩ ටික කරන්න.. ඔහොම ටික දවසක් කරද්දි ඔයාට ඉබේටම උනන්දු වෙනවා ... ඊට පස්සේ ඉතින් ගේම නතින් 🥰❤️
ඔන්න ඔයාට ආරම්භයක් අරන් දුන්නා .....
අතින් අල්ලන් එක්කං යන්න ඔයා පොඩි බබෙක් නෙමෙයි 🙊
මේ ටික ඔයාට අනිවාර්යෙන් කරගන්න පුළුවන් ඒක නිසා විශ්වාසයෙන් කරන්න....
සතියෙන් සතිය ඔයාගේ ප්රගතිය ගැන මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්...
එහෙනම් Good Luck...😋🔥
@heenajayagamuofficial