
ඔයා පුංචි කාලේ ඉදලා මගේ ගාව නෑ
අම්මාගෙන් ඇහුවම පොඩි කාලේ මං
අම්මා කදුලු පුරවන් කීවා තාත්තේ
තාත්ති ගියාලු දූට චොකෝ ගේන්න
මං තාම බලන් ඉන්නව මට චොකෝ
ගේන්න ගිය තාත්ති ආයෙම එනකන්
ඒත් මේ වෙනකන් මට බලන් ඉන්නම විතරක් උනා
මගේ හැමදේම වුනේ අම්මා අතින්
මට තාත්තෙක් උනෙත් මගේ අම්මා
ඇයි තාත්තේ පුංචි කාලෙම
මං ඔයාව හොයන කාලෙම
ඔයා මං ගාව නැතිවුනේ...
අම්මා කොච්චරනම් අඩන්න ඇත්ද
මං ඔයාව අහනකොට එයාගෙන්...
පව් තාත්තේ මගේ අම්මා...?
ඔයාට කියන්න තිබ්බා එයාට හරි
ඔයා කොහෙද කියලා....
Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
#Request
©️ Copyrights Reserved.






![[набор в админы] 𝒪 𝘮𝘰𝘳𝘪 ⌗𝙙𝙖𝙞𝙡𝙮 Telegram channel](https://cdn.tgdio.com/channels/2026/08/omdaily.webp)


